දන්නව ද දන්නෙ නෑ…..
පොඩි කාලෙ කියල දැන් අපි ලොකු යි කියල මට නම් නෑ කිසි වෙනසක්..
එදා වගේ ම අදත්, මම බලන් ඉන්නෙ අම්මට කියන්න නෝක්කාඩු ගොඩක්..
තාමත් මට වැඩියෙන් ම ඔය කටෙන් අැහෙන්නෙ ‘මෙයා නං මහ වදයක්…!’
ඒ උනාට මං නැතුව බෑ කරගන්න එක හොර වැඩක්…
එහෙම ද දන්නෙ නෑ…
අවුරුදු තුනක් අම්මාගෙ හුරතලේ පුංචි පුතු නුඹ වූ නිසා…
හුරතලෙන් බාගයක් හරියට අරං මං ගෙට අා නිසා…
තාත්තා ටික ටිකක් සැර කර මගේ පැත්ත ම ගත් නිසා….
තාම තරහද දන්නෙ නෑ මං එදා බොරුවට අැඬු නිසා….
මතක ද දන්නෙ නෑ….
මාස අවුරුදු ගෙවිල යන කොට පුංචි නෑ දැං දෙන්නා මතක ද…
මට වඩා අයිය ගැන අයියට වඩා මං ගැන දන්නෙ වෙන කවුරු ද…
අයියෙක් නැතුව අක්කෙක් ඉල්ලුවේ නෑ මං කිසි ම දවසක….
මහ මෙරක් වගේ අැති අාදරේ මට නොකිවුවට….
ඒත් මං කිව්වෙ නෑ…
මව්පිය සෙනෙහසට දෙවනුව, හිස නැමෙන සෙනෙහස….
මුදු නොවෙන මුත් වචන, හරි වරද පෙන්වන…
වැටෙන හැම විට දෝතින් ම මා දරන…
අයියේ නුඹව ම යි මතු භවෙත් මම පතන..!