සොමි සඳට ආවඩන උඩු ගුවන සිසාරා
දැල්වී නිවී දිලෙන තාරකා කැට අයා
බලන කල මිහිමවට ලැබුණු තිලිණය එදා
වෙනස් කළ හැටි මනස මිනිස්කම පතුරවා
ප්‍රේමයට පෙම් බඳින උතුම් ගුණ උගන්වා
මනුසත් දමින් පිරුණ සිත් සතන් සනසවා
මැලව ගිය දිවි මඬල පවෙන් සැම මුදවලා
අරුත්බර කළ අරුම සිසිලසින් නහවලා
සීත හිම කැට මැදින් කුමරු බිහි වී එදා
ගෙනා ඒ පණිවිඩය අමතකව ඇති මෙදා
ප්‍රේමයේ සඳ කිරණ ගනඳුරින් වැසීලා
අහිමි වී ගොස් සිතේ සැනසීම පාවෙලා
මැකී ගිය සොඳුරු ලොව එනතුරා මග බලා
කම්පිතව හඬන හදවතට සැනසුම සොයා
නත්තලේ සිරි අසිරි නොපමාව කැඳවලා
වඩිනු මැන ජේසුනේ කරුණාව දක්වලා
Image Courtesy – https://amzn.to/2rSCDQE