GNU/Linux මෙහෙයුම් පද්ධතිය පිලිබඳ හඳුන්වාදීම

Share

නිදහස

මෙහෙම හිතන්න. ඔයා ගෙදරක් මිල දී ගන්නවා. ටික කාලෙකට පස්සෙ ඔයාට හිතුනොත් ගෙදරට තව කාමරයක් එකතු කරන්න ඔනේ කියලා, ඔයා ඒක කරනවා. මොකද ඒ? හේතුව තමයි, ගෙදර ඔයාගේ. ඔයා ඒක ගත්තට පස්සෙ කාටවත් අයිතියක් නැහැ, ඔයාට අණ කරන්න ගෙදර තවත් විදිහකට හදන්න කියන්න.
ඔයාට සම්පූර්ණ නිදහස තියෙනවා තමන්ට ඕනේ විදිහට අවශ්‍ය දේවල් කරන්න.
Break from the shackles
දැන් හිතන්න ඔයා ‘සල්ලි’ වලට ගත්තා කියලා මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්ධතියක්. ඔයා එකේ මොකක් හරි අංගයකට කැමති නෑ. ඔයාට ඒක තමන්ට ඕනෙ විදියට හරි ගස්ස ගන්න ඕනෙ. ඒත් ඒක කරන්න බෑ.
මොකද, මයික්‍රොසොෆ්ට් සමාගම ඔයාට මෙහෙයුම් පද්ධතිය දුන්නට ඔයාට ඒක වෙනස් කරන්න ඕන වන ‘කේතය’ දීල නැහැ.
ඔවුන් කියන විදිහට කේතය සමාගමේ අයිතියක්, වෙන කාටවත් ඒකට අත තියන්න බැහැ.
හිතන්නකො ඔයා මුදලක් ගෙවල ගත්ත දෙයක් ඔයාට ඔනෙ විදිහට පාලනය කරන්න බැරිනම් වැඩක් තියෙනවද?
ඔයා සල්ලි දීල ගත්තට මෙහෙයුම් පද්ධතිය පාලනය කරන්නේ ඔයා නෙමෙයි, මයික්‍රොසොෆ්ට් සමාගම තමයි.

ඒ කියන්නෙ ඔයාට ‘සම්පූර්ණ’ නිදහස ලැබිල නැහැ.
අන්න එතනදි තමයි ‘ග්නූ/ලිනක්ස්’ මෙහෙයුම් පද්ධතිය මේ කතාවට එකතු වෙන්නෙ.
‘ග්නූ/ලිනක්ස්’ මෙහෙයුම් පද්ධතිය ඔයාට සම්පූර්ණ නිදහස ලබා දෙනවා ඔයාට ඕනෑ විදිහට එය වෙනස් කරන්න.

GNU & Linuxමේ තමයි ඩබල. ග්නූ සහ ටක්ස්(ලිනක්ස් පෙන්ගුයින්)

ග්නූ/ලිනක්ස් කියන්නෙ නිදහස් මෘදුකාංගයක්….

නිදහස් මෘදුකාංගයකට තිබෙන වැදගත් ගුණාංග හතරක් තියෙනවා.

1. මෘදුකාංගය තමන්ට උවමනා විදිහට පවිච්චි කිරීමට හැකි වීම.
2. මෘදුකාංගය වැඩ කරන්නේ කෙසේද කියා දැනගැනීමටත්, එය වෙනස් කිරීමටත් හැකි වීම(කේතය තමන්ට ලබාගැනීමට හැකි වීම).
3. මෘදුකාංගයේ පිටපත් ඕනෑම කෙනෙකුට දීමට හැකියාව.
4. තමන් වෙනස් කරන ලද මෘදුකාංගය ඕනෑම කෙනෙකුට දීමට හැකියාව.

බලන්න, කොයිතරම් නිදහසක් එතකොට තියෙනවද කියලා.
මේ ඔක්කොම තෙරුම් ගන්න හොඳම විදිහ තමයි ‘නිදහස්’ මෙහෙයුම් පද්ධති වල ආරම්භයට යන එක.
ඒක ඊලඟ ලිපියෙන්….