කව් රසෝඝය

Share

ගිම්හානය පසුපස සිසිලස එනවාද, සිසිලස පසුපස ගිම්හානය හඹා යනවාද? දෝලනය කෙසේ රෝපණය වුවද මගේ සටහන් තුලින් සංකීර්ණත්වය අපේක්ෂා කරන ඔබ විසින් කවිත්වයට කල ඇරයුම සිත්සේ පිලිගන්නේ ආදරයද එය මගෙන් අයැදු බැවිනි. දේදුන්නට පාට දුන් පුද්ගලයා මගේ හිත මිත්‍රයෙකු නොවේ. එබැවින් මෙය ආදරයට ජීවය ලබා දීමක් නොවන අතර, පූර්ණ වපසරියකට යටත් නොවුවද තතු දත්තන් හා කැටි වු මගේ අදහස් කීපයක් මෙසේ සරලව ගෙත්තම් කරමි.

සිතන්නට ඉඩ දුනෙමි හාදු දුන් සිතට මගේ
ලෝකයක් එළිය කලේ ඔබයි ඒ බව හැඟේ
ඇත්තමයි සුන්දරයි සුවඳ දෙන මලක් වගේ
පදෙන් පද ගොතන්නෙමි දඟකාර රැඟුම් ඇගේ

කෝල ලෙස පෑයු මුව ලස්සනයි සිතෙන්නේ
ලෝල බැලුමකිනි වදන් දසන් පෙති කියන්නේ
නෑර වෙන ලොවක් මට ඒ දෙසම බලන්නේ
මිහිපිටකි දෙවඟනකි විතරමයි දැනෙන්නේ

ජීවිතයේ සොඳුරුතම මුදු සුවඳ ගෙන එනා
ඔබයි ඒ මල් කැකුල ආලයේ සුවදෙනා
ඔබෙයි ඒ වදන් වැල සවන් මගේ සනසනා
දකින විට හුරතලය මගේ මුහුන හිනැහෙනා

වයන්නට උගත්තෙමි සිතාරේ ආදරේ
ගයනවද ඉතින් දැන් පද පේලි ආදරේ
හිතන්නකෝ ටිකක් යලි සුන්දරයි ආදරේ
කාලයේ අපූර්ව බැදීමයි ආදරේ

තුරුවැල් පවා මුසපත් කල නෙත් කෙවිනි
සිත්වැල් පුරා රැව් දෙන්නේ තුටු වෙමිනි
සමකල නොහැකි බව ඔබෙ රූ මට දැනුනි
මේ රූ සොබා ගෙන ආවේ මට _____

ගයත් උදාර වීරසේකර
ආදරයට හැකි පමණ පාට ලබා දීමට වෑයම් කලෙමි………