සුමුදු මද නළ
සදළු තල පිස
හමා ඇදෙනා වෙලාවේ…
කවුළු අතරින්
දිලෙන සඳරැස්
මගේ කුටියට ගෙනාවේ…
අහසෙ තරු මල්
බිමට බැහැලා
සුළඟ සමඟින් සිනාවේ…
ඇයි ද හිතවත
සොඳුරු මේ යම
නෙතට කඳුළැලි ගෙනාවේ…
දෑස් බොඳවෙන
මතක අහුරක්
හදවතෙහි තෙරපුනා වේ…
ඒ හදෙහි රිදුමන් නිවන්නට
කාට නම්
හැකි වුණා වේ…
මා දවාලන
මේ තැවුල් ගිනි
අදින් පසු නිම වුණා වේ…
එළඹෙනා මතු
භවයක දි හෝ
අපට අප හිමි වුණා වේ…
Image Courtesy : https://bit.ly/3GF63Vz