මව් අතැඟිල්ලෙන් මිදී තනි වී හඬන විට
මව් විය සෙනෙහෙ දුන් දරු දහසකට
කුසයේ දරා ලේ කිරි කර නොදුන්න ද
තුරුලේ හොවා සිප්කිරි පෙවු දෙවෙනි මව
එතෙමින් පැටලෙමින් ඇගෙ සාරි පොටේ
මතකයි එදා කවි කියමින් නටපු අගේ
ගුණදම් පොවා යහමං තනපු නිති
ඝනඳුර නිවූ ගුරු සඳ නිති වඳිමි
අතැඟිලි පැළී රිද වූවත් හුණුකූර
උගුරත් දවයි නිරතුරු කෙරු කෑ මොරය
තැන තැන කැඩී මතු වූවත් පා යුගල
පැතුවේ හැම දරුවට මිරිවැඩි සඟල
කෙරුවත් වේවැල් තරවටු ඉඳහිට
රිදුම් දෙමින් ගුරුපියතුම හිතට
සැමවිට බෙදූ මුෂ්ටිය නොතැබූ දැනුම
උගතුන් කරයි දරු කැළ දැය බබළවන
Image link: https://bit.ly/3iRHedF