නත්තලේ සැබෑ අරුත: බෙදා හදාගැනීමේ ප්‍රීත්‍යූත්සවය

Share

උදුවප් උත්සව සමයේ දිලිසෙන නොයෙක් විදුලි පහන්, සහ නෙකවිධ සැරසිලි මධ්යයේ, නත්තලේ අසිරිය සාප්පු සංකීර්ණවල ඇති බඩු බාහිරාදියෙන් ඔබ්බට දිවෙන දෙයකි.

සැබවින් නත්තල යනු ආදරය, දයානුකම්පාව සහ බෙදා හදාගැනීමේ ප්රීතිය සැමරීමකි. නැතිබැරි අයට ඇති හැකි අයගෙන් උදව් උපකාරය නමැති හස්තය දිගු කරමින් මේ නත්තල් සමයේ සැබෑ අරුත සිහි කරන කාලයකි.

නත්තලේ සැබෑ අසිරිය දෙසැම්බර් 25 පමණක් සීමා නොවන්නකි. ප්රසිද්ධ නත්තල් කැරොල් ගීතිකාවේ කියැවෙන පරිදි  “12 Days of Christmas” එනම් ජේසුස් වහන්සේගේ උපන් දා සිට ජනවාරි 6 වන දින ශාස්ත්රවන්තයින්ගේ පැමිණීම තෙක් දින 12ක් අන් අය අතර සුහදතාවයේ සහ කරුණාව බෙදාගනිමින් නත්තල සමරනු ලබයි.

තෑගි හුවමාරු කරගැනීම අනිවාර්යයෙන් ම නත්තලේ දි සිදුවන දෙයකි. නමුත් අපගේ අවධානය යොමු විය යුත්තේ ලෞකිකත්වයට නොව අධ්යාත්මයට යි. නත්තල යනු තෑග්ගක මූල් වටිනාකම නොව එය පිටුපස ඇති ආදරය සහ කරුණාව යි. එය සැබවින් අන් අයගේ අවශ්යතාවයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ ජීවිතවලට ධනාත්මක ආකල්පයක් ඇති කිරීමේ මාර්ගයක් සොයා ගැනීම යි. මේ නත්තල් සමයේ විශාල වශයෙන් තෑගි බෝගවලට මිල මුදල් වැය කරනවා වඩා අසරණ මිනිසුන් හට සුළු වශයෙන් හෝ උපකාරයක් කළ හැකි නම් එය වඩාත් සුදුසු නොවේ ?

දිළිඳු දරුවකු තෑග්ගක් දුන් විට එම දරුවාගේ ප්රීතිමත් බව ගැන මඳකට සිතා බලන්න. වියළි ආහාර බෙදා හැරීම, පුණ්යායතන වල ස්වේච්ඡාවෙන් වැඩකිරීම ආදී ක්රියා වල මිනිසුන් නියැලෙන්නේ ඇයි? ආදරය සහ කරුණාව අවශ් අයගේ ජීවිත වලට ලබා දීමෙන් ලබන ආත්ම තෘප්තිය සියල්ලට වඩා උතුම් නිසා .

එපමණක් නොව නත්තල යනු ඉතා වටිනා සැරසිලි සහ ඉස්තරම් ගණයේ ආහාර වේලක් නොව සරල බව සහ නිහතමානි ගුණාංගය ප්රගුණ කරන අවධියකි. කෑම මේසය වටා එක් රැස් වන පවුලේ සාමාජිකයන්ගේ එකමුතුකම තුළ නත්තලේ උණුසුම කැටි ගැන් වී ඇත.

මේ නත්තල් සමයේ දින 12 තුළ සාමයේ දොරඟුළු ලෝකයට විවර කරමු. එය අපගේ ජීවිතයට ආශිර්වාදයක් කර ගනිමු. දුගී දුප්පතුන් හට හැකි පමණ පිහිට වෙමින් නත්තලේ සැබෑ පණිවුඩය එකිනෙකා අතරේ බෙදා හරිමු. බාහිර ඇඳුම් පැළඳුම් සැරසිලි ආදියට නොව ඇතුළාන්ත සාමය, බෙදාහදාගැනීමේ ප්රීතිය, පරිත්යාගය සහ ආදරය පතුරවමින් නත්තලේ අසිරිය සැමදෙනා අතරේ බෙදාගනිමු.

Image Courtesy : https://bit.ly/3NCwtuU

 
Tagged : / /