Facebook = මුහුණපොත

Share

නවකතා, කෙටිකතා, චරිතාපදාන, සාහිත්‍ය, පරිවර්තන, දර්ශනය, තාක්ෂණය ඔය වගේ ජාති ගොඩක පොත් තියෙන තැනක්නෙ පුස්තකාලෙ කියන්නෙ. හැබැයි මේ කියන පොත නම් ටිකක් වෙනස්, පුස්තකාලෙනුත් බැරි වෙයි හොයාගන්න…හරිම ලස්සන පොතක්…

වෙලාවක් හම්බුනොතින් හොයාගෙන කියවලාම බලන්නකෝ…

 

කඩදහියෙන් විහිදෙන ඒ සුවඳ  නැත

පටුන පිදුම ගුණ කථනය ඇත්තෙ නැත

ආසාවට පෙරළන්නට පිටුත්  නැත

පොතක් කියන්නේ ඇයි මේ මුහුණ පොත

 

බස්රියෙ දුම්රියෙ ගැහැනුද පිරිමි අත

කොයි කවුරුත් නිමක් නැතුව වෙළී ඇත

උඩ පහළට දුවමින් හිනැහෙමින් වත

තනිය මකා තුට සැදුවේ මුහුණ පොත

 

රටතොට සහ සමාජයේ වත ද ගොත

මිතුරන් කළ කී දෑ මෙහි පිරී ඇත

හැමට ගිණුම් ඇත බැලුවම පිනෙන නෙත

හිතවත්කම් අලුත් කළා මුහුණ පොත

 

ලයික් සෑඩ් ඇන්ග්‍රි හහා වාව් හාට් ඇත

ටැග්ද කොමෙන්ට් ශෙයා එහෙම තවත් බොහෝ ඇත

ගෲප් පේජ් පෝස්ට් ලයිව් එක එක වැඩ ඇත

අනන්තයට දිගහැරේවි යසයි මුහුණ පොත

 

හොඳ වගෙමයි නරක ජාති පිරුණු කැත

මේ පොත ඇතුළේ රූපත් සමඟ ඇත

වාරණයන් පනවා සංයමෙන් හිත

එහෙම උනොත් හොඳ මිතුරෙකි මුහුණ පොත

 

කරන කියන වැඩකටයුතු වලට තිත

තියේවි ඇබ්බැහි උනොතින් මෙයා මත

මතක් කළේ අදරිනි හැම දෙනා වෙත

අතේ දුරින් තියාගන්න මුහුණ පොත

 

Image Courtesy : https://bit.ly/39wup18

 
Tagged :