ගොම්මන් වෙලේ මහ වැස්සේ
දිවවිත් ගොඩවුනි බෝඩිමට…
ඉහින් කනින් වෑහෙන දිය
සිහිකර ව යි ගෙදර….
දෑස් පියා සිහි කෙරුවෙමි
ආදර සෙනෙහෙ රුව…….
දිවවිත් පිසිනයුරු මගෙ හිස
බැන වදිමින් මෙ මට……
දඩිබිඩියට දිග ඇරියෙමි
සීතල වු බත් ගෙඩිය….
වේලුනු පොල්සම්බල යි සුපුරුදු පරිප්පු ව ම ඇත..
බඩගින්නට කෑමුත් එය රස නැති ය..
ගෙදර වගේ කන්නට කොහෙවත් නැති ය….
දැනුම සොයා ආමුත් මා කොළඹ රට
සිහිවෙනවා නිතර අම්මේ නුඹේ රුව…
පොහසත් උනි ද මා දැනුමෙන් නිබද..
සැම දා දුප්පත් ය නුඹේ ගුණරුව අසල..