උඳුවප් සීතලේ – සමරමු නත්තලේ

Share

නත්තල් යන්නෙහි තේරුම, “ක්‍රිස්තුස්ගේ මංගල්‍ය දිනය” යන්නයි. විශේෂයෙන්ම කිතුණු බැතිමතුන්ට ආවේණික මෙන්ම සුවිශේෂී වූ නත්තල් දිනය සියලු ලෝකවාසී ජනතාවටම සැණකෙළි සමයක් ඉස්මතු කිරීමට තරම් හැකි මෙන්ම ඉතා සතුටින් සාමයෙන් උත්සවශ්‍රීයෙන් ගත කළ හැකි දිනයක් බවට පත්ව ඇත. ඒ මන්ද යත්, දෙසැම්බර් මාසය කියන සැණෙකින් මතක් වනුයේ නත්තල බව බාල මහලු කොයි කාටත් සිහිගැන්වෙන්නේ ඒ නිසාවෙනි. ඒ හැරුණු කොට නත්තල් දිනය මෙතරම්ම සුවිශේෂ වන්නට හේතුව ඔබ අප කවුරුත් දන්නා ආකාරයට කිතුණු බැතිමතුන්ගේ ශාස්තෘන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිදු වී ඇත්තේ මෙවන් දිනයක බැවිනි. එසේම මෙම උත්පත්තිය සිදුව ඇත්තේ බෙත්ලෙහෙමේ ය. මරිය තුමිය හා ජුසේතුමාට දාව ඉපිදුණු උන්වහන්සේ ලෝකවාසී ජනයාගේ ගැලවුම්කරු ලෙසින් දෙව්ලොවින් එවන ලද දේවදූතයෙක් ලෙස ද අදහන ලදී.

එසේම, නත්තල් යනු දෙසැම්බරයේ සුප්‍රසිද්ධ ක්‍රිස්තියානි නිවාඩු දිනයකි. එහෙයින් බොහෝ දෙනා නත්තල වෙනුවෙන් නොයෙක් විශේෂාංග සූදානම් කරති. නත්තලේ සැරසිලි හැරුණු කොට නත්තල් ගස මෙන්ම “සැන්ටා ක්ලවුස්” හෙවත්, නත්තල් සීයා යනු මෙහි වූ විශේෂ අංගයකි. කුඩා දරුවන්ගේ බලාපොරොත්තුවලට නැවුම්  ජීවයක් ගෙන දෙන නත්තල් සීයා ඔවුන්ගේ සිත් තුළ ප්‍රධාන තැනක් ගනී.

ඒ වගේම, මෙදිනට යේසුස් ක්‍රිස්තුස්ගේ උපතේ නිමිත්ත සමරනු ලබන්නට ගව ලෙන් සාදා එහි ක්‍රිස්තුන් වහන්සේගේ උපත නිරූපණය කරන්නටත් ඔවුන් අමතක කරන්නේ නැත. එසේම නත්තල් කැරොල් ගීත ද ඒ අතර ප්‍රසිද්ධ ය. නත්තල් සමයේ දී මිනිසුන් තුළ ඇති කරන පුදුමයන් ගැන කෙනෙකුට අවුරුදු ගණනාවක් තිස්සේ ලිවිය හැකි ය. මෙම නිවාඩු දිනය ක්‍රිස්තියානි දේවස්ථාන හා බැඳුණු විවිධ සිරිත් විරිත් වලින් ද සමන්විත වේ. සියලු ක්‍රිස්තියානි රටවල නත්තල් උත්සවය පැවැත්වුව ද, සෑම ජාතියක්ම මෙම දිනය සමරන ආකාරයෙහි විවිධාකාර වූ වෙනස්කම් තිබේ.

කෙසේ නමුත්, එකිනෙකා එක්ව බොහෝ සතුටු සාමීචියෙන් සමරන නත්තල් දිනය වෙනුවෙන් ලෝකයේ සියලුම රටවල් පාහේ සූදානම් වන්නේ මහත් උද්යෝගියෙනි.බොහෝ ආකර්ෂණීය සැරසිලි, සැණකෙලි, සාදයන්ගෙන් සමන්විත කරමින් සියලු මිනිසුන්ගේ සිත් තුළ ඇතිකරනුයේ විනෝදකාමී මෙන්ම අද්විතීය හැඟීමකි.

උඳුවප් සීතලත් සමඟින් උදා වූ මෙම නත්තල කිතුණු, කතෝලිකයන් ඇතුළු රට වැසි, ලෝ වැසි සැමට සුබම සුබ නත්තලක් වේවා යි ප්‍රාර්ථනා කර සිටිමු.

Image Courtesy:

 
Tagged : / / / /