ආදරණීය අහස්,
මේ තරම් වළාකුළු
කාගේ උවමනාවට ද?
දහසක් වළාකුළු ඉස්සරහට ආවත්
මට ඔයාව පේන්නෑ කියල හිතුව ද?
ඔය නෙත් කෙවෙනි අගින්
දිය කරන මතකවල කදුළු
මා හද තෙමා දෙගොඩ තලා යන බව
තවමත් ඔබ නොදන්නවා ද?
වෛවර්ණ වළාකුළු
දහස් ගණනක් ආවත්
අසීමාන්තික අහස පොළොවෙන් වහන් කරන්න බැරි බව
උන්ට නොතේරෙන්නේ කිම ද?
යන්තමින් ඇස් කොනින් පානා
නුඹේ එක් හසරැල්ලකින්
මා හදේ දහසකුත් මල් පූදිනා බව
නුඹ වටහා ගන්නේ කෙදිනක ද?
ප්‍රේමයේ වර්ණෙන් නුඹ හැඩවීගෙන
ක්ෂිතිජ මායිමේ කොනක
රතු රෝස මල් පිපෙන සැඳෑවක
ළඟදීම අපි හමුවෙමු ද?
මම,
නුඹේ භූමි
Written By: Sashini Madhubhashini
Image Courtesy: https://bit.ly/3OUg2db