පොළවෙ හැපි හැපි වැළපෙන අහස
විඳිමි මම, ගහ කොළ,
නුඹේ කඳුළු වල පහස .
නැති දාට අඳුරු වත
වැළපිල්ල, ගෙරවිල්ල
ඉපිලෙන්නේ නුඹ ඇඬු හැටි බලපු පිරිවර .
වැස්ස නුඹ ගියදාට රජකරන ඉර ,
මුලදී මල් සිනා පා මුළු ලොවම රවටන .
අසනු මැන ගසකින් කණාටු වී ගිය ,
වැස්ස නුඹ කෙතරම් අගනේද නැති විට …
කලක රස විඳ ,
කලක විඳ වූ ,
වැස්ස …
බලන් ඉමි මම
අද ද හෙට ?
බාලගිරි හෙට නොවේ අද …
වැස්ස එනු මැන හනික !!!
Image courtesy – http://www.warrenphotographic.co.uk