පළමු හමුව

Share

“ගුත්තිල හරි, නෑ නෑ මූසිල හරි…”

ඕන එකක්, තීරණය ඔයාට බාරයි.

වෑත්තෑවේ හාමුදුරුවො, 166 සිට 170 දක්වා  කවි පහෙන් කියන කතාවම අපි තවත් පොඩ්ඩක් වෙනස් විදියකට කියන්න උත්සාහ කළා කාටවත්ම අසාධාරණයක් නොවෙන්න…..

ගුරු-ගෝල දෙපළගෙ පළමු හමුව. එදා ඉතිං බරණැස් නුවර, හරි ලස්සනට තියෙන්න ඇති නේද !

 

ගුත්තිල:

එඩිතර පෙනුම හුරුබුහුටියි කොලු පැටියා

මෝරන රැවුල දැලි පාටයි කිරි කැටියා

සුපුරුදු බවකි දැනුණේ දැකුමෙන් තුටියා

මං එන විටදි ගෙයි ළඟ ඇවිදින් හිටියා

 

මූසිල:

ආසයි මටත් වෙණ ශිල්පය ලබන්නට

ලෝබයි තතින් මැවෙනා රස අසන්නට

කෝමෙයි ඉතිං දැනුමක් පෙර නෑ මෙමට

මා ප්‍රිය ගුරුනි එකඟ ද සිප් පුදන්නට

 

ගුත්තිල:

කාසි පණම් කෙලෙස ද මා ඉල්ලන්නේ

පුංචි එකෙකි මා අබියස දිස්වෙන්නේ

දේහ චරිත දැක කුහුලකි උපදින්නේ

කාරි නොමැත මම ශිල්පය පුද දෙන්නේ

 

මූසිල:

අඳ මාපිය’ට ගරු බොහොමින් සලකමින

ගෙයි දොර වැඩත් සකසුරුවම හැඳිනගෙන

ඉටු කර දෙමින් දහිරිය මට හැකි ලෙසින

වෙණ සිප් ලබන්නම් ගුරු බැතියෙන් පෙමින

 

ගුත්තිල:

තත් සතකින් ජීවනයේ ඉමිහිරි කවිය

සිරි ගන්වා මා පුතු වෙත ආදර සවිය

රැකවරණය සලසා දිවි රකිනට අවිය

පන්සිළු පරදයි කිතුගොස ඔබෙ මතු දිවිය

 

තමන් කවමදාකවත් ගුරුවරයාට පිටින් නොයන බවටත්, වැරදීමකින් හරි එහෙම දෙයක් නොදැනුවත්වම හරි උනා නම්, එකවතාවට දහස්වතාවක් සමාව ඉල්ලන්නටත්, ගුරුවරයා ගැන තියෙන අසීමිත ගරුත්වය පෙන්නුම් කරන්නටත්, එකිනෙකට නොදෙවෙනි රසම රස කවි 511කින් කියන මේ ලස්සනම කතාව, ගුත්තිල කාව්‍යය රස විඳලා නැති සිංහලයෙක් ඉන්නවා නම් ඇත්තටම හරි අපරාදයක්…

ඉතිං ඉඩක් ලැබෙන, විවේක පුළුවන් වෙලාවට https://cutt.ly/YhIN6jV මේ රසය හොයලම බලන්නකෝ…

අපේ සිංහල කවි සාහිත්‍යය කොයි තරම් නම් රසවත් ද, සාරවත් ද කියලා ඔයත් දකීවි එතකොට…..

දකින්න විඳින්න නිවෙන්න !!!

 

Image Link: https://cutt.ly/ihlBtSp

 
Tagged : / / / /