හිත හරි පුදුම දෙයක්
නැති දෙය සොයා වෙහෙසෙන
තිබිලත් මගේ ම මැණික ක්
බොරළු ගලකට දඟලන
පෙනෙන්නෙ ම මැණිකගේ
දොස් වැරදි මිසෙක
හිතෙන්නෙ ම බොරළු මගෙ
රසඳුන යි නිසැක
බොරළු කැටයේ පහස
යළිත් විඳගන්න
හිතෙනවා සදහට ම
මැණික ගලවන්න
මැණික දැන දැන මගේ
හිත බොරළුට ම බව
ඉවසනා එක උනත්
විටෙක පුදුමෙකි තව
සිහිනයක ඉන්න විට
මැණික විත් අමතලා
සිනහවෙන් මිමිණුවා
ඉඟියකුත් දන්වලා
“බොරළු ඇති හැමතැන ම
ගිහින් අහුලාගන්න
මැණික නම් මෙපමණ යි
එය හිතට දාගන්න”
Image Courtesy : By Author