නුහුරු සීතල සුළං ගෙනෙනා
වියරු සරදම් සිනා ඇසුනා
ගෙවූ මාවත් පෙමින් බැඳිලා
දුහුල් වැලි සලුවකින් වෙලුනා
දෑත් සුළැඟිලි බැඳුනු පෙරදා
පෙමක අම රස අරුත් බැඳුනා
වසන්තය බිඟු ගීත පරදා
පෙම් සිනා සාගරේ ගිලුනා
අඳුරු මන්දාරමෙන් වැහිලා
රුදුරු මහ වැසි ගලා හැලුනා
උද්‍යානයේ එළි සෙමින් නිවිලා
හඬන ඇගෙ රුව කෙමෙන් මැකුනා
ආදරේ අවනඩුව අසනා
දෙවිඳු දෙවොලෙහි නැතිද වැඩලා
යකඩ දුම් රිය හඬින් වැසිලා
ප්‍රේමයෙහි ඉකිබිඳුම් ඇසුනා…
Image Courtesy: https://pin.it/lcz64atmnr435q