Open එකේ නරක් වුන කෑම

Share

විද්‍යා පිඨයේ ශිෂ්‍යයින්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය වගේම එන යන කාටත් කන්න බොන්න තියන තැන එහෙම නැත්නම් අපේ Open එක ගැන ටිකක් කතා කරන්න කියල හිතුනා. සාමාන්‍යයෙන් ඕනෑම විශ්ව විද්‍යාලයක ආපන ශාලාවල කෑම පිටත කෑම වලට වඩා අඩු මුදලකට තමයි ලැබෙන්නේ. නමුත් අපි ගෙවන මුදලට (නිකන්ම හරි) අපිරිසිදු කෑම කන්න වෙනවනම් !!!.

පහුගිය දවස් වල විද්‍යුත් මාධ්‍ය හරහා මේ වගේ කෑමට නුසුදුසු ආහාර සොයන්න මහජන සෞඛය පරීක්ශකයන් ක්‍රියා කරන අයුරු ඔබ දකින්න ඇති.අද open එකත් ඔවුන්ගේ පරික්ෂාවට ලක්වුනා. ඒ විතරක් නෙමෙයි කාර්ය මණ්ඩලයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගත් අරගෙන. අපි මේ තරම් දවස් කාල තියන කෑම ගැන හිතා ගන්න, මම හිතන්නේ ඒ හොඳටම ඇති. ඔවුන්ගේ පරික්ෂාවට ලක්වුණ දේවල් ගැන මම කියන්න යන්නේ නැත්තේ අපි කාපු කෑම ගැන දැන් අප්පිරියාවක් ඇතිවෙලා වැඩක් නැති නිසා. නරක් වුන බිත්තර, අල මේ ලයිස්තුව තවත් ගොඩක් දිගයි……

සමහර විටක ඔබටත් මෙවැනි කෑම නිසා ප්‍රශ්න ඇතිවූ අවස්ථා ඇති. කතා කරන්න කම්මැලි කමට, බයට ඔබ නිකන් හිටියනම් ඔබත් ඔබේ මිතුරන්ටත් ජරාව කවන්න උදව් වූ අයෙක්. කෑම වල හිස කෙස්, සතුන් සහ වෙනත් අපිරිසිදු ද්‍රව්‍ය දුටු ගමන් ඒවා විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට (PHI) දන්වන්න. ඔහුගේ කාර්යාලය හැමෝම හොදින් දන්නා Medical Center එකේ ඉහල මහලේ පිහිටා තියනවා. එහෙමත් නැත්නම් පහත දුරකථන අංකයට වහාම දැනුම් දෙන්න.

0112691826

පහත වෙබ් සබැදියෙන් තවත් දැනුම් දිය හැකි අය ගැන විස්තර දැනගත හැකියි.
Web Link
ඒවගේම අපිරිසිදු ආහාර ප්‍රතික්ෂේප කරන්න.
මිනිසුන් යැපෙන්නේ අහාර මත, එසේනම් එය පිරිසිදුව ලබාගැනීමේ අයිතිය මිනිසුන් වන අප සතුයි.

ඔබටත් මේ පිළිබද අත්දැකීම් ඇත්නම් පහත comment කරන්නත් අමතක කරන්න එපා. එය ඔබ සැමගේ යහපතට හේතු වේවි.