රණවිරුවන් නමින් මල් වැසි වසීවා..
සැම දෙවි රැකවරණ නිරතුරු ලැබේවා
තෙද බල මහිම දිව ආයුෂ වැඩේවා
විරු නම සදා අප හද තුළ රැඳේවා…
අධිරාජ්‍යවාදයට එරෙහිව ගෙනගිය අරගල සමූහයක ප්‍රතිඵලයක් ලෙසින් ලංකාද්වීපයට දේශපාලන නිදහස සේම ලොව කුරිරරුතම ත්රස්තවාදයට එරෙහිව ගෙනගිය මානුෂීය මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසින් ලබාගත් දෙවන නිදහස ද ලක්වැසියන් ලෙසින් අපට අතිශයින් වැදගත්. එකොළොස් වසක් ගතවූ ඒ අභීත ජයග්‍රහණය ස්මරණය කිරීම ජාතික වගකීමක් මෙන්ම යුතුකමක් වේ.
පන්සල් පල්ලි දේවාල තුළම දස දහස් ගණනින් බැතිමතුන් මරා දැමුණු යුගයක්. සිල් රෙදි ලෙයින් තෙත් කරමින් දළදා මාළිගාවට ත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේට ප්‍රහාර එල්ල වූ යුගයක්. අසරණ ජනතාව වෙසෙන පැල්පත්වලට කඩාවැදී කපා කොටා වෙඩි තබා ඝාතනය කළ, ගම් දනව් වෙඩි හඩින් ගිගුම් දුන් යුගයක්. අමතක කළ නොහැකි අසීමාන්තික අමිහිරි මතක යුධ ඉතිහාසය පුරාවටම ලියවී ඇත.
තිස්වසක් පුරාවට යුධ අග්නියෙන් දැවුණු තැවුණු දේශයට සාමයේ මල් පුබුදුවන්නට උරදුන්නේ ඒ දේශයේ මුර දේවතාවුන්ම ය.එලෙසින් යුධ ජයග්‍රහණය නිර්මාණය වූයේ මරණයට අභියෝග කළ වීරෝධාර රණවිරුවන්ගේ අයස්කාන්ත මැදිහත්වීමෙනි. දළ රළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘභූමියේ නිදහස වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ හා ජීවිත පරිත්‍යාග කළ වීරවරුන් කෘතවේදීව සිහිපත් කිරීම කළගුණ දත් ජාතියක වගකීමකි.
ඊළාම් සටන ජයග්‍රහණය ඔවුන්ගේ එක් ක්‍රියාන්විතයක් පමණි. ඔනෑම සටනක වැදගත්ම ක්‍රියාධරයා රණවිරුවාය. ඒ පමණක් නොව එදා මෙදා තුර ජාතික ව්‍යසන බොහෝමයකදී එසැණින් ක්‍රියාත්මක වූයේ ඒ අභීත විරුවන්ම ය. මෑත ඉතිහාසය තුළ සිදුවූු මීතොටමුල්ලේ කුණු කන්ද නායයාමේ සිද්ධිය, පාස්කු ඉරිදා ත්‍රස්ථ ප්‍රහාරය මෙන්ම ගංවතුර නායයාම් වැනි ස්වභාවික ආපදාවන්හිදී ද ත්‍රිවිධ හමුදාවන්ගේ අප්‍රමාණ කැපවීමට මුළු ජාතියම හිස නමා ආචාර කළ යුතුමය.
වත්මන් ලෝක ප්‍රජාව තුළ ශීඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා උවදුර හමුවේ සෞඛ්‍යයය අංශය මෙන්ම අතිමහත් සේවයක් ඉටු කරන්නටද ත්‍රිවිධ හමුදාවම එක්වී ඇති අයුරු ප්‍රශංසනීය ය.
ඇස් ඉස් මස් ලේ හා දිවි පිදූ මව්බිමේ සුජාත දූ පුතුන්ගේ ඒ උත්තම පූජාවන් වර්තමානයට ත් මතු අනාගතයටත් ගෞරවනීයත්වයෙන් සිහිකළ යුතුම ය. නිල් අහස් කුස හිරැ මෙන්, මහ සයුරේ රළ මෙන්, මව් දෙරණ වට තැණුනු යදම් වැටක් මෙන් ලක්මෑණියන් සදාකල් සුරකින්නට සවිය ශක්තිය තෙරුවනේ ආශිර්වාදය පතන්නෙමු. ගැමුණු පැරකුම් බලය සුරතේ රැදේවා යි එක සිතින් පතන්නෙමු.
තුන් හෙළේ වීරවරයිනි ඔබට දේශයේ උත්තමාචාරය!!!
Written By ; Menuka Jayalath
Image courtesy ;
Image 01 – https://bit.ly/3bDZdh7
Image 02 – https://bit.ly/2ZbBH8E
Image 03 – https://ab.co/36btm6b
Image 04 – https://bit.ly/2WBv2mq