විකසිතව මැදියමක
තුරු වදුලු මායිමක
සසර පෙරුමක බෙලෙන්
පමාවී දුටුවමුත්
නෙත් යුගල තෙමූ දිය
තණ අගක පැටලුණේ
වෙනකෙකුගේ අතක හිඳ
පුදසුනට ඇදෙනු දැක
පුදන්නට පෙරාතුව
ස්නේහයෙන් මවෙත ගෙන
මියෙන තුරු අත්ල මත
රකින්නට හඬගායි සිත
වෙහෙර මළුවේ කෙළවරක හිඳ
දුටු නිසා නුඹව සුදු
සේපාලිකා මල….
Written By : Yasindu Rajasinghe
Image Curtesy : https://bit.ly/3ck5H5L