සංකීර්ණ මාතෘකාවක්, අපි මොකුත් නොකියා ඉමු.
වැට ඉනි මැඬ පියඹා දුර යොදුන් හිත
සුව විඳිනා කල නිවි නිවි දවන් තෙත
රන් හුය නොලදත් සිරිතට අරන් අත
දන්නො දනිති මිහිරියි පෙම; අසම්මත
ලෙඩක් වගෙයි ළය පතුලෙහි නිදන්ගත
රසක් තමයි මනහර, ලොව තවත් නැත
සැඟවුව මුත් කොයි කාටත් කොතෙක් ඇත
දන්නො දනිති මිහිරියි පෙම; අසම්මත
වැසි ලද සැණෙකින් ඉපිළෙන පුරන් කෙත
හස කැන් ගඟුලෙහි සුසුමන් මකන් නෙත
නැඟුවත් දොස් සමහරු බස් වලින් කැත
දන්නො දනිති මිහිරියි පෙම; අසම්මත
දැරුවත් සිත දමනෙක බැඳ තියන් තිත
නොඅසන’යුරු පහසට තව ලොබින් ගත
වසඟෙට නතු මදයෙන් පිරි ලවන් රත
දන්නො දනිති මිහිරියි පෙම; අසම්මත
මතක් කරන්නට කරුණකි දනන් වෙත
නුසුදුසුබව දහමට පිට මිනිස් පොත
යහපත් බඹසර සිඳලන මෙ’කිව් වත
නොබැඳෙනු මැන ගින්නකි පෙම; අසම්මත
Image link: https://bit.ly/3Mcnvl9