තනිවුණිය ඈ ගමේ

 

ගුරු දිවිය නිමාකොට විශ්‍රාම ගිය අලුත
සරසවිය ඇරඹුණිය දුර ඈත පලාතක
සිප්හලෙදි උන් එක්ක ගෙදර දූවරු එක්ක
දවස ගෙවූ නිසාවෙන් ඒ කාලේ තනි නැතිය

එක් දුවක් වැඩපලේ අනෙක් දූ සරසවියේ
නමුදු දැන් ඇය ඉන්නේ තනිව මේ ගෙයි පැලේ
රස බොජුන් හදන්නට සිතුණමුත් දවාලේ
උන් නැතිව කොහොම ඈ තනිව රස බලන්නේ

ඉස්කෝලේ පොඩි උන්ගේ කචබචේ නැතිත් කොට
සාංකාවත් වගෙයි කියනවා ඇසුණි මට
හුරු නැතිව ඇති තවම ගෙයි හරියේ පාලුවට
පව් ඉතින් අම්මලා නොහිතුනා නෙවෙයි මට

ඒ ගෙයිත් දූවරුන් දෙන්නා අද සරසවියේ
බෝඩිමේ ජීවිතේ ගෙවනවා පුරවරේ
හුරතලට ඇති කරන පූසවත් ලග නැතිලු
උන්ගේ මව් ගමේ ගෙයි දූ නැතිව තනිවමලු
ඇස් දෙකක් වගේ දූවරුන් ඈ හැදුවාට

තනිවුනිය ඈ ගමේ අද අපේ දියුණුවට
හිත ඇතුලේ තෙරපිච්ච දුක් සුසුම් හැම එක්ක
තවත් දුවනියක් අද පැවසුවා මා එක්ක

Written by : Ravini Wijayasinghe

Image Courtesy : https://bit.ly/2WA1ztz

Tagged : / / /