Anniversary

Share

අවුරුදු දෙකහමාරකටත් වඩා නිදි මරාගෙන මහන්සි වෙලා පාඩම් කළේ බලපොරොත්තු ගොඩාරියක් හිතේ පොදි බැඳගෙන. Newtonගෙ නීති, එතකොට Burnuly හිතේ අරක්ගෙන. රෑට හීනෙන් පේන්නත් ඒ ගොල්ලන් ව. සති මාස ගෙවිලා අන්තිමට A/L විභාගෙත් ලිව්වා. Results එනවා කියද්දි හදවතේ

“ lub dub lub dub”

සද්දෙ ඉතින් හැමෝට ම මතක ඇතිනෙ.

Medicine යන්න ලකුණු මදි වුනා ම හිතට දැනුන දුක වචනයෙන් කියන්න බැහැ. එකට හිටපු යාලුවො ගොඩක් පිටරට යන්නත් පටන් ගත්තා. මටත් යන්න නොහිතුනා නෙවෙ යි. ඒත් අම්මාගෙයි අප්පච්චිගෙයි තුරුලෙ හිටපු මම ඒ ගොල්ලන් ව දාල ගිහින් කොහොම ඉන්න ද කියල කල්පනා කරද්දි යන්න බෑ කියල ම යි හිතුනෙ.

මම කොච්චර දුක් උනත් හම්බුන result එකෙන් ගොඩක් සන්තෝස වුන කෙනෙක් හිටියා. ඒ අපේ අම්මා.

”ඔයාට හරියන්නෙ science faculty එක”

අම්මා කොච්චර කිව්වත් හිත දුන්නෙ ම medicineවලට. අන්තිමට මගේ ආදරනීය bio sir- professor හිරාන් අමරසේකර කිව්වා

“පුතේ ඔයාට Colombo science faculty හම්බෙනවා. apply කරන්න”

අම්මාට උවමනා වෙලා තිබ්බෙත් මාව එකට කැමති කරගන්න.

ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි camp ලියුමත් ආවා. එත් තාම campus ලියුම ආවෙ නැහැ. දවසක් රෑ camp එකෙ දි තමයි අප්පච්චි call කරලා කිව්වෙ Colombo science faculty  එකට තේරිලා කියලා. අප්පච්චිගෙ වචනවල තිබ්බ සතුට මූණෙ බලන්න තිබ්බා නම් කොච්චර එකක් ද කියල මට හිතුනා. අම්මා නම් නිහතමානි ආඩම්බරයකින් හිනා වෙන්න ඈති.

Register වෙන්න එන දවස ගැන නම් හිතේ තිබ්බෙ දෙගිඩියාවක්. සතුටක් වගේ ම කොහෙන්දෝ ආපු භයකින් හිත වෙලි ලා. දිග ම දිග සායකින් සැරසිලා අම්මගෙ අතේ ම එල්ලි ලා බිම බලගෙන ම ඇතුළ් වුනෙ වෙන මොකටවත් නෙවෙ යි seniorsලට තිබ්බ පරාන බයට. Register වෙන්න ආපු ළමයි ගොඩේ තුශාරි ව දැක්ක ම හිතට දැනුන සන්තොසෙ කියල නිම කරන්න බැහැ. ඒ වෙන මුකුත් නෙවෙ යි දන්න යාලුවෙක් ලඟ ඉන්න නිසා. ඒ අතරෙ තමයි මාත් එක්ක 5 වසරෙ ඉඳන් ම වද දි දී එකට ආපු මනූජ ව (kekula) දැක්කෙ. අපි දෙන්නට ම හිනා. දැන් යාලුවො දෙන්න යි. Batch එකේ නම් ළමයි ගොඩක් ඉන්නවා. ලංකාවෙ හෑම දික් භාගෙන් ම ආපු ළමයි. campus එක හරියට ම පටන් ගන්න දවස දැනගෙන එලියට ආවෙ.

“ඇයි මම එච්චර භය වෙලා හිටියෙ”

කියන ප්‍රශ්නෙට උත්තර හොය හොය. ඈත්තටම භය වෙන්න කිසිම දෙයක් තිබ්බෙ නැහැ. අයියලා දුර ඉඳන් ආපු ළමයින්ට boarding හොයා ගන්න උදවු වුනා.

ඔන්න ඉතින් හා හා පුරා කියල පෙබරවාරි මාසෙ 10 වෙනි ද, වෙන ද වගේම ඉර පෑව්වා. ඒත් මම නම් හිටියෙ ඉරටත් කලින් ඇහැරිලා. බලාපොරොත්තු අහස උසට අරගෙන මුලින් ම අපි campus ආවෙ පෙබරවාරි 10. ළමයි ගොඩ යි. අපි ව English classවලට බෙදලා තිබුන විදිහට ගිහිල්ලා ඒ පන්තියෙ හිටපු සීමිත යාලුවො ටිකක් අඳුර ගත්ත හැටි හැමෝට ම මතක ඇති. නිමානි ව (darling) හම්බුනෙ එතන දි. නුවරින් ආපු චින් චින් එතකොට ජම්බො,සිරා,අවිඳු,ගීති, මුල ම දවසෙ madamටත් English කියල දෙන්න ගිය ඇමති ,හසිත් ,රුසිරු. රුසිරුට මෙච්චර හසල දැනුමක් තියෙන්නෙ කොහොමද කියල හිතද්දි යි නිමානි කිව්වෙ එයා island 1st කියලා. ඔය ඔක්කොම අපේ පන්තියෙ Open එකට ගිහා ම යි අනිත් ළමයින් ව හම්බුනෙ. අයියලා හැම තිස්සෙ ම කිව්වෙ

“කට්ටිය අඳුරගන්න”

මේ මොන වදයක් ද කියල නම් හිතුනෙ නැහැ. මොකද යාලුවො ගොඩක්  ඉන්න එකට මමත් ගොඩක් කැමතීයි.

පෙබරවාරි 11 ත් උදා වුනා. මට නම් ඒක සාමාන්‍ය දවසක්. එත් තවත් කෙනෙක්ට  නම් එදා විශේෂ දවසක් උනා ලු.

Orientation කාළෙත් ටිකෙන් ටික ගෙවිලා ගියා. යාලුවො ගොඩාක් ම දැන අඳුන ගත්තෙ ඔය අතරෙ දි. මුලින් ම යාලුවො දෙන්නෙක් හිටිය මට දැන් යාලුවො ගොඩ යි. ටිකන් ටික අපි campus ජීවිතේට හුරු උනා.

ඔන්න ඉතින් මේ වෙද්දි සමහරු open එකේ පීනනවා. සමහරු වඩේ විකුනනවා,සමහරු bike පදිනවා. තැනින් තැනින් සින්දුත් ඇහෙනවා. ඔය අතරෙ සමහරු ඒ සින්දුවලට රඟපාන වා.

ඔය අතරෙ practials, assignments, lectures,presentations හෑම දෙයක් ම සිනහ ව සතුට අතරින් balance එකේ කරගෙන යන්න අපි පුරුදු උනා.practical class එකෙ දි තමයි ඔශිරා,ශ්‍රී , වොරන්,ජොසී ,රවින්දිකා ව හම්බුනේ.එදා ඉඳන් අද වෙන තුරුත් අපි එක පවුලක් වගේ.

එක දවසක් මුළු batch එක ම සුදු ඇඳුමින් සැරසිලා ආවෙ ආශිර්වාද පූජාවක් තියන්න.Random තමයි සංවිධානය කළේ. අවුරුදු කෑම මේසේ මුල් තැන අරන් වැඩ කළේ මායි කිතුලෙ යි.එ තනිය ම නෙවේ හැමෝගෙ ම උදව්වලින්.එක එක පලාත්වලින් එක එක කෑම ජාති අපිට ලැබුනා.

sports අතිනුත් අපි ඉදිරියෙන්.පූසා තුවාල උන වෙලාවේ  හැමෝ ම කම්පා වුනා මතක යි.

අපි හැමෝ ම පුදුම සහොදරත්වයකින් බැඳිලා හිටියා.වෙසක් උදා උනා.කොස් දන්සල ,භක්ති ගීතත් කිව්වා.මුළු campus එක ම වෙසක් කූඩුවලින් සැරසුවෙ හැමෝගෙ ම උදව්වලින්.ඒකට ජාති භේද ආගම් භේද තිබුනෙ නැහැ.Sports day එකත් ඉවර උනා.

1st semester examත් ආවා.හැමෝ ම භයෙන් හිටියෙ. මොකද මේක අපි campus එකේ ලියන මුල් ම exam එක.නොදන්න දේවල් කියල දුන්න යලුවො නම් ජීවිතේට අමතක වෙන්නෙ නැහැ.අපේ සහෝදරත්වය එතනින් තවත් ඉස්මතු උනා.මේ අතරෙ මනූශා අමතක කරන්න බැහැ.දයා,රුසිරු,දක්ශිණ එතකොට හරියා කොයි වෙලේ බැලුවත් කුප්පි දානවා.

මට උදව්වට ආපු මගේ maths sir  සහන්.

ඊට පස්සෙ ඉතින් 2ndsemister එක.මේ අතරෙ ගෑනු ළමයි නම් නිවාඩු කාලෙ ම නාස්ති කළේ සාරි හොයන්න, welcome එකට.

නැටුම් ගැයුම්වලට කට්ටිය ලක ලෑස්ති උනේ අයියල අක්කලගේ ගොඩක් උදව් ඇති ව.කොහොමින් කොහොමින් හරි අපි ගොඩක් අය බලන් හිටපු welcome එකත් ආව.බලන්න එපැයි කට්ටියගෙ ලස්සන.මිහිබට සුරංගනාවියො වගේ. මුදිත්ගෙ දේදුන්න සේදී යද්දි, සම්බා ට ආදරය ම ගීතයක් උනා.කොස්තාපල් ජම්බො campus  එක වටේ සැරිසරන්නෙත් ඔය කාලෙදි ම යි.ශෙනාලි batch queen වෙද් දි දේශානි miss congeniality  විදිහට කිරුළු පැලන්දු වා.

ඒකත් ඉවර යි.

ඊට පස්සෙ පිරිත,ලේ දන් දී ම කට්ටියගෙ ම සහය ඇතිව හොඳින් කෙරුනා.මෙතනදි ඉතින් හසිත්,ඉබ්බා,කිරියා අමතක කරන්න බැහැ.ඒ ගොල්ලො එකතු වෙලා තොරණක් ගැහුවා.පිරිමි ළමයි නම් සෑහෙන්න නිදි මැරුවා.පිරිත් මණ්ඩප්පෙ නිර්මාණයත් ඒ ගොල්ලන්ගෙ .සුද්දා හැමදා ම වගේ කියව කියව ඉන්න ඇති.

2nd semester exam එකත් ඉවර වුනා.ගෙවින්දු ව මතක් කරන්න ඕනෙමයි.

අපි ගොඩක් දෙනා ඊලඟට බලන් හිටියෙ batch trip  එක එනකන්.අපි ගියේ ආදර කන්දට.ආදරය යි සහෝදරත් ව ය යි පොදි බැඳගෙන.අපේ batch fit  එක ගොඩක් ම පෙනුන අවස්තාවක් ඒක.නගින්න අමාරු අය ව කරේ තියාගෙන හරි කොහොම හරි අපි උඩට ම ගියා.සමහරුන්ට නම් අමාරු උනා.ඒ අය ව තනියෙන් දාල එන්නෙ නැතු ව හෙමින් හෙමින් කොහොමින් කොහොමින් හරි එක්කගෙන එන්න අපේ යාලුවො උදව් උන හැටි දකිද්දිනන් ඇහැට කඳුළුත් ඉනුවා.කන්ද නගින වෙලාවෙ ඉඳන් කන්ද බහිනකන් ම අතින් අත නොහැර මාව බලාගත්තෙ සහන්.

මේ හැම දෙයක්ම වෙද් දි පැතුම් හෑමදා ම පෑන් විකුණනවා.ඒ අපේ නංගිල මල්ලිලට welcome එකට fund raise කරන්න..

ඔය විදිහට ඉතින් කාලය සිනහ ව කඳුළ ආදරය දඟගකාරකම් අතරින් ගෙවිලා ගිහිල්ලා අවුරුද්දක් ම වෙලා දන්නෙ ම නැතුව.හැම දෙයක් ම සොඳුරු මතකයන් බවට පත් වෙලා.තවත් අලුත් අවුරුද්දක් අපිට අත වනනවා.ඒත් අපේ සහෝදරත්වය නම් එන්න එන්න ම දලුලනවා.

2වෙනි වසරත් මේ විදිහෙ ම සොඳුරු වසරක් වෙන්න කියලා අපි හැමෝ ම ප්‍රාර්ථනා කරමු… යාලුවො හෑමෝට ම සුභ පෑතුම්. 1st year  එකේ දි එකට ඉඳලා දුක සැප බෙදා ගත්ත හැමෝට ම ස්තුතියි…