කප්පරක් පැතුමන් දරාගෙන
හදවතේ පතුලෙහි තියා
මහමෙරක් වේදනා නොකිය ම
සෙනෙහසින් ඇති උහුලලා
අව් වැසි ද රෑ දවල් නොදනී
ගතේ දහදිය වගුරලා
දරු මුවේ සිනහා දකින්නට
මුළු දිවිය ඔහු කැපකළා
සවිය වී සෙවණැල්ල වාගේ
මොහොතකටවත් දුර නොයා
ඉඳහිටක ප්‍රේමය බෙදයි ඔහු
සොඳුරු තරවටු තවරලා
හදවතේ උතුරනා ආලය
තිබුණ මුත් නිබඳව ගලා
පිය සෙනේ කෙලෙසක ලියන්න ද
කවියකට පද ගලපලා
Image Courtesy: https://bit.ly/3DBOp3m