ඇහැ දිටි කවි රුවට
රහ වැටී සිත ඉඟි කොට
මහමෙරක් තරමට
බහ දුන්නෙ එක් වරම කවියට
විරිත් නිසරු පදරුත් සරු
විටෙක නුහුරු අකුරු පොකුරු
සැඟවුණු අරුත් පිරි
බැඳි වදන් නම් නැතේ ඉමිහිරි
උපමා රූප මුසු කොට කෙරි
ඔවදන් වදන් ඔසු පිරි…
පෙදෙහි රස හව් කෙසේ වුව
එරෙහි වූවද කවි ඉව
බිඳෙන බඳුනක් සේම සුරැකිව
හදෙහි ඇත ඒ අපහැදිලි කව
සහේට ගත්තේ දැක, කවියෙ හැඩ රුව
ප්‍රහෙලිකාවකි එය කවක ඇසිරුව
ඇහේ ඇහේ හඬ “කියවා නිම්ද කව..?“
කොහේ නිම්ද.. කියවන්ට ඇතේ තව…
වරෙකදි මැසිවිලිය එසැනෙන නැළවිලිය
උවමෙන් සැරසිලිය තැන තැන පැටලිලිය
වියරණ සියුමැලිය එනමුදු පැහැදිලිය
එකවේ එළිය දේ නිවසට කලඑළිය…
Written By : Rukshan Edirisinghe
Image Courtesy : https://bit.ly/2FrF3fS