අක්කාට වගේම මටත් අක්කව ගොඩාක් මතක් වෙනවා….. මේ කාලෙට ගොඩක් දේවල් වෙනස් වෙලා….. හැබැයි අක්කා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ…..
මේ ලියන්නේ, අක්කාගේ චූටි මල්ලී…
ඉන්නේ සීතල කාමරයක දවස පුරා
ගහක් කොළක් නැත පෙනෙන නියා
මැඳුරු මන්දිර තිබුණත් ඉන්නට කියා
මැටි ගෙපැලේ තිබූ සෙනෙහස
මෙහි සොයමි මෙමා ……
කැවූ බත් ගුලි නුඹම අනා
ගත වැඩුණේ එනයිනි නොපව පමා
හිතට දිරි දුන්නෙත් නුඹම තමා
හොඳට ඉගෙන ගනින් මල්ලී කියා ….
අක්කේ ඔබ ඇසූමුත් මතකදැයි කියා…
අමතක නැහැ සුන්දර මතක කිසිදා….
සිතුවත් වසරේ අවසන එන්න කියා
එන්නට උනේ නැහැ අක්කේ
කොරෝනා නිසා…
ලියන්නේ මෙය ඔබට
හිඳගෙන කන්තෝරුවේ මේසය ඉදිරිපිට
දැක්කොත් ලොක්කා නම් මෙය
බැනුම් නන් නියතයි නව වසරේම
අවසර නැවත හමුවෙන තුරු සමුගන්න
එන්නම් හැකි විගස ඔබ බලන්නට
එනකොට රැගෙන එන්නම් ලස්සන තෑග්ගක්
නුඹට බලන්නට…
ලස්සන දූ පැටියෙක් ඉන්නවා මට නුඹ වගේම …..
දෙපා වැඳ ඉල්ලන්නෙමු ආශිර්වාද
අක්කේ ඔබට දීර්ඝායුෂ !!!
ඉෂංක දේශප්‍රියගේ “මතක ද?” කාව්‍යමය ලිපියට පිළිතුරු වශයෙනි.
සේයා රූ – https://bit.ly/2KSjEzF