පියෙක් නම් ලද ලෙයක අයිතිය කටු නොගෑවට නීතියෙන්
රන්හුයෙන් ගිලිහුණු ඇඟිල්ලක කඳුළු පැල්ලම් තව තියේ
නොයෙන ගමනක් යන්න හිතුණත් නුඹට හොරෙහින් හිච්චියේ
හදාගන්නට බැරි ම හිතමයි ඔය හුස්ම මතක් වෙන වංගියේ
දුරක් ඇතිමුත් බොහෝ යන්නට ජීවිතය නම් ගීතයේ තව
ලෝකය ම දොස් දී අහන්නේ උඹේ අප්පගෙ ජාතකේ ගැන
වරදෙ බැඳි මම කොහොම කියමිද අඳෝනා කෝවිලේ දෙවිඳුට
සොඳුරු උනිනම් අපේ දිවියත් ලියන කවි මෙන් වසත් සමයක
ඉතින් හිච්චියේ හිත හදාගන් ! කඳුලු විතරයි ළඟ ඉන්නෙ තනියට
වැළඳගත්තට වෙරළෙ ඉඩ ටික රළ අයිති හැමදා ම මුහුදට
අහන් හිටියට ඇනුම්පද නෙක ජීවිතේ ලියැවුණේ කඳුලට
හුස්ම යැද්දට හදක් නැති උන් කින්ඩි දැම්මෙ ම නුඹේ උරුමෙට
හදාගන්නට බිඳුණු කැඩපත වාරු කවදද තුහින මලකට
මියෙන ගමනක අරුම කෙළවර ළා සඳේ දියකර හරින්නම්
දිරුණු අත්තක කඹයෙ තනිකම නුඹට නොකියා මං අහන්නම්
හුළඟේ පාවී ඔහේ වැනෙනා වරා මලකින් මඟ සොයන්නම්
පියෙකු නොසොයන කෙම්බිමක මං නුඹට අම්මා වී වසන්නම්
Written by : Kaveesha Gimhani
Image link : https://bit.ly/3ym8ebB