වැටි වැටී නැගිටින්න
නුබ දුන්නු දිරිය මට
අදත් ඒ වගේමම
දැනේ මා වැටුණු විට
මහ මෙරක් තරමටම
ඔබ දුන්නු ආදරය
දැනේ මා හද තුලම
දැනුත් ඒ විලසින්ම
ඔබ දුන්නු පන්හිදෙන්
අකුරු ඇමිනුවෙමි මා
ලොවක් ජය ගන්න මට
දිරි උනෙත් එයයි අද
නොපෙව්වත් කිරි කරල
ඔබේ සිරුරෙහි රුධිර
මගේ ඇඟ දුවනුයේ
ඔබේ රුධිරයය මැයි
ඔබ නිසයි මා මෙවන්
ගොතනු පදවැල් ලෙසින්
ගෙතූ පදවැල් ඔබට
පුදනුයේ ඒ නිසයි