සාලිය අසෝකමාලා පරිත්‍යාගය

Share

සිංහල රාජාවලියේ එන පුදුමාකාරම කැපකිරීම නැතිනම් පරිත්‍යාගය.
හරිම ලස්සනයි. හරිම සුන්දරයි… සේරටමත් වැඩිය,, හරිම ආදරණීයයි.

මර බිය පරදා රට එක්සත් කෙරුණු

අරගල නිමවා ජය සේසත් නැඟුණු

හරසර කරවා බුදු දම රැක ගැනුණු

සමයයි ලක්දිව සිහසුන දුටු ගැමුණු

 

මහ රජුනගෙ එකම පුතු ය සාලිය කුමරූ

ගුණයෙන් පිරි සිත ආගම දහමට නැඹුරූ

යහපත් මනුදම් පොහොසත් සිතුවිලි මහරූ

යෞවනයෙකි තෙදවත් විඳිමින් රජ ඉසුරූ

 

තරුණ කුමරු සොබාදමට මහත් සේ ළැදී

ගහකොළ හා පෙමින් වෙළෙන සැඳෑ කාලෙදී

තිසා වැවෙහි නිල් දිය කඳ පෙළින් පෙළ සැදී

පුදති බොහෝ ගරු බුහුමන් කුමරු සමු නොදී

 

මෙදිනත් රජ කුමරු උයන් කෙළියෙ යෙදෙන්නේ

ගෝපලු රුක් මුදුනෙක ගී මියුරු ඇසෙන්නේ

සවන් නිවුණු සුවයෙන් නෙත් එදෙස බැලෙන්නේ

මල් නෙළනා කුසුමකි අතු පතර පෙනෙන්නේ

 

ගස මත සිටි තරුණිය හද තැති ගෙන

ඉකි බිඳිමින් හනිකට බිම බසිමින

එකත්පස්ව හිඳ වඳිමින් හඬමින

ගැහෙන්නට උනා සමාව යදිමින

 

කුමරු සිත හරි ආදරෙන්

පෙනුණි පතිවත ඈ කෙරෙන්

රජ මැඳුර වෙත සාදරෙන්

පිපුණි මුතුවක් සාගරෙන්

 

තරුණිය කුල මල ගොත් හැම තතු විමසා බැලුණා

සඬොල් කුලෙහි ලෙය හිමි බව පැහැදිලි වී පෙනුණා

වාසල සම්මතය අනුව ඇයට දොරටු වැසුණා

දෙවරක් නොසිතා කුමරුන් ඈ හා ඉන් මිදුණා

 

ගතට සවිය නැති ගැස්මක් කුමටද

නෙතට නිවුම නැති  නින්දක් කුමටද

සිතට සුවය නැති හුස්මක් කුමටද

ඔබ ළඟ නැති සිහසුන මට කුමටද

 

පරම පිවිතුරු මිහිරි සැනසුම ආදරය හමුවේ

උරුම පෙළපත කිරුළ අණසක නොසලකා දැමුවේ

අරුම පෙමදර සුවඳ මනහර සිහළ මල් ගොමුවේ

වරම පිවිතුරු මිනිස් මහිමය සුවඳ දී හැමුවේ

 

ඒ රහ අකුරු කරල ඉවර කරන්න බෑ.. https://cutt.ly/vzobKiC  කැමැත්තක් තියෙන අය තව හොයන්න.

දකින්න විඳෙන්න නිවෙන්න !!!

 

image link : https://bit.ly/38j9DUm

 
Tagged : / /