ලස්සනයි, සුවඳයි, පෙනුමයි, සේරටමත් වඩා හරිම නිහතමානියි !
පුළුටක් අහිමි මානෙක නෙතු නොම ගැටෙන
රිදුමක් ළ’හිමි සෝකෙක හෙමිහිට දිලෙන
අඳුරක් නොනිමි පවනක දැහැනට වැදෙන
සුවඳක් දුටිමි යාමෙක පිරුවට පිපෙන
ගඟුලැල් මිහිර මුනිවත රැක උදයෙ රැයේ
හසරැල් දහර අවිහිංසක තනුව ගැයේ
රසවැල් නහර සිප නොම ගත් මිලට පැයේ
නිකැළැල් පවර ගුණ ගැබ විකසිත ව තියේ
ගොක්කොළ මතින් ගෙනැවිත් තනිකරන්නට
දුක් මුසු මුවින් සිත් පාරා හඬන්නට
මොක් සුව ලදින් නිවනෙහි මතු පියන්නට
එක්කොට ඉතින් පිපුණිද සරසවන්නට
නොමළ මිනිසුන් නැති ඉමක මතු උපත ලැබ දෙන්නට කියා
නිමල පැතුමන් පැතු නිසා මම එවෙන්නැති මෙහි ඔබ සොයා
නිසල පෙරුමන් විඳ තුටින් හිනැහෙනා යුරු නෙත් කැන් පියා
නොකළ බුහුමන් පුද කළා ඔබෙ බඹසරට කවි පද ලියා
කවදාවත් වැරදි කිසිම දේක යෙදුණෙ නැති ඔයාටයි මගේ මේ උපහාරය !
Image link: https://bit.ly/3siVE9Q