‘මව් සෙනෙහස’,, බොහොම සුන්දර දෙයක්. අම්මා කෙනෙකුගේ හදවතින්, තමන්ගෙම ලෙයින්, කිරෙන් බිහිකරපු දරුවා වෙත ඇතිවෙන මේ අසිරිමත් බැඳීම හරිම පුදුමාකාරයි. ‘අම්මා පෙව් කිරි කඳුළින් මේ ලොව මෙතරම් හැඩ උනේ..’ කතාව හරියටම හරි කියල හිතුණා මේ දිහා ටිකක් ගැඹුරින් බලද්දි, ඒ තරම් ආදරයක්, කැපකිරීමක් කරන නිසා තමයි ‘මව් සෙනෙහස’ හරිම පූජනීය තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ. ඒ පූජනීය ආදරයට ඉමක් කොනක් නෑ නේද කියල හොඳටම තේරුම් යාවි තව ටීකකින්, කොච්චර ආශ්චර්යවත් ද කියල බලන්නකො මේ ‘මව් සෙනෙහස’, පපුව උණුවෙලා, හිත සැනසිලා අමුතුම සතුටක් මට වගේම ඔයාලටත් දැනෙන්න ඇති කියල හිතනවා……
මගේ ලේ කිරෙන් උඹෙ කුස පිරේවා
නෙත රැඳි කඳුළැලි සුසුමන් නිවේවා
අම්මා ළඟ නැති පාළුව නොවේවා
පුතුත් එක්ක විග විගහට වැඩේවා
කිරි සුවඳයි පැටියෝ තාමත් උඹෙ ගාව
අම්මට විපතක් වෙලා ද කිම තව නාව
අනේ අහිංසක බැල්මට මගෙ ළය යාව
අමතක විය මගේ පුතුත් ලෙයින්ම දාව
ඉකි බිඳිනා ඔය සුකුමාල වත දකිනා විට
ළැමට හොරා පෙම උතුරා කිරි ඉතිරුණි මට
පැංචො උඹට අලුත් ඉරක් පායයි දින හෙට
දරු දෙදෙනෙක් වැඩි නෑ පින් අම්මා කෙනෙකුට
Image Courtesy : https://bit.ly/2Ts2Diz