ලාලිත්‍යය නොමුසු
බර අඩි තබා
ඉක්මණින් ඇදෙන්නී
වැඩ බිම කරා ඇය…
විඩාබර දෑස් යුග
බලෙන් මෙන් විවරව
වෙර දරයි සොයන්නට
නොපෙනෙනා අනන්තය…
සියොලඟ දවාලන
කාස්ටක අව්වෙත්
ගිනියම විඳින්නී
සිහිලසක් නොදත්තිය…
රළු කලු ගලින් ගල
ඇගේ දා බිඳු වල
ඉකි බිඳුම අබියස
දෙදරා යාවි තනියම…
ගොරහැඩි අත්ල මත
දියවෙන හීන හෙමිහිට
සඟවා තබා හිත යට
බලා උන්නා හිස් අහස දෙස…
Image Courtesy : https://bit.ly/2IBaOBO