ඔව්, මටත් තිබුණා ‘පාසල් ප්‍රේමය’, මං වින්දා, හැබැයි ඩිංගක් වෙනස්.මං සංගීත ගුරුවරයා විදියට.. බෑ.. ඉස්කෝලෙ නම කියන එක හරි නෑනෙ. ඒ කාලෙ තමයි මට අපේ ඉස්කෝලෙම ශිෂ්‍යාවක් එක්ක.. හැබැයි එයා දන්නෙ නෑ, මම හිතින් කරපු ආදරයක්.. ඕං,, අද මම මේ කියන්නෙ ඒ ලස්සන මතකය, බොහොම කෙටියෙන්….
මහද නැවතුණේ නොඉඳුල් රුවක් ළඟ
පිරුණු යොවුන් දැරියකි ඇය ටිකක් දඟ
සුදු ගවුමට හැඩට පෙනෙන නොවක් ඉඟ
අත් පොත් තැබුවේ විඳිනට පෙමක් හුඟ
මතකය ඇදුණේ තිස් වසකට එපිට
සිතුවා ගෙන එන්නට නිහඬව නොසිට
සුසුමක් මුසු කරලා අහසට මෙපිට
පවසන්නම් මම ගුරු පුටුවෙන් නැගිට
සෙබඩියො අතරේ විසිතුරු සෙබඩ ඇය
පරෙවි රෑනෙ හුරතල් සුදු පරෙවි ඇය
මුව රැල අතරේ තිත් මුව දෙනයි ඇය
දැරිවියො අතරේ කුමරිය තමයි ඇය
සංගීතය විෂය එයා නොගත්තට
මගේ පන්තියේ ඒ රුව නොසිටියට
පාසල ඇතුළෙදි මට මුණ ගැසුණ විට
මලින් පිපිල පෙනුණේ මට හතරවට
වයසින් බාලයි මට විස්සක් විතර
කුමරි තමයි සමවස් දැරියන් අතර
සෙවණ සදන්නම් රුක වී අතු පතර
මටත් හොරා සිත ඈ ළඟ විය නතර
වගතුවකුත් නෑ විබහගෙ ලිව්වට පස්සේ
අමතක නම් නෑ ඒ රුව මැවි මැවි තිස්සේ
සැනසෙමි සිහි ගනිමින් මගෙ මතකය ඔස්සේ
පාසල් පෙම වින්දෙමි නිහඬව හිත අස්සේ
Image; https://cutt.ly/gr3x8kT