ආයු බොහෝ විස්සයි විස්ස !!

Share

මාස දොළහක්, තවත් විදියකට කීවොත්  සති පනස් දෙකක්, එහෙමත් නැතිනම් දවස් තුන්සිය හැටස් පහක් ගතවෙලා ගිහින්. දෙදහස්දහනවය ඉවර වෙලා දෙදහස්විස්ස ලබල තියෙන්නෙ. ඉතිං කිරි පැණි කෙසේවෙතත්, මේ උදා වුණු අලුත් අවුරුද්ද ඔය හැමෝටම සතුට, සැනසුම, සෞභාග්‍යය සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා!

 

පරණ කැලෙන්ඩරයයි දැන් ගැලවෙන්නේ

අලුත් කැලෙන්ඩරයයි මේ තැන ගන්නේ

තුන්සිය හැට පස් දවසකි නිම වෙන්නේ

ඉංගිරීසි අවුරුද්දකි එළැඹෙන්නේ

 

කාලය පියඹා යන හැටි සිතුවොත් ඇත්තට

ටිකෙන් ටිකේ අපි කවුරුත් යන්නේ වයසට

සතුට රැඳෙයි තිස්සෙම කම්මැලි නැති තරමට

ලෝකයක්ම සැරසෙනවා විස්සයි විස්සට

 

දහනවයත් ඕං ඉතිං ගෙවී ගියා

කළ කී දෑ විමසාලා බලමු සොයා

දුක් අතපසු ඒ දේවල් මතම නොයා

වෙනස් වෙන්න හිතුවා නම් දිනුම් ඔයා

 

කරන කියන යහපත් දේ සරු වේවා

බාධක කරදර ලෙඩදුක් දුරු වේවා

සිතුම් පැතුම් බව සම්පත් සතු වේවා

දෙදහස් විස්ස නව වසරම සුබ වේවා

 

Image Courtesy : https://bit.ly/379thz7

 
Tagged : / /