පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණය කරන්නේ කෙසේ ද?-5

Share

පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණයේදි පාදක කරගත යුතු සාධක පිළිබඳව මෙම ලිපියේ දී අනාවරණය කරන අතරම, ඒ අනුව නිර්මාණය වූ වර්ගීකරණයන් පිළිබඳව ද පැහැදිලි කරනු ඇත.

පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණයේ දී මූලික පරාමිතියක් ලෙස ස්කන්ධය යොදා ගත හැකි බව පෙර ලිපියේ සඳහන් කරන ලදී. එලෙසම පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණයට යොදා ගත හැකි තවත් නිර්ණායකයක් ලෙස ‘ජීවයට පැවැත්මට ඇති හැකියාව’ සැලකිය හැක. මෙම නිර්ණායකය තුළින්ද ග්‍රහලෝක වර්ගීකරණය කළ හැකි බැව් ලින්විර් සහ රොබල්ස් (Linewear and Robels) විසින් පැහැදිලි කරන ලදී. එහිදී ග්‍රහලෝකයන්හි මූලද්‍රව්‍යයන්හි සුලභතාව විශ්ලේෂණය කළ යුතු බව ඔවුන්ගේ මතය වේ.මන්දයත්, ග්‍රහලෝකයන්හි රසායනික හා ඛනිජ සැකැස්ම මත ජීවයේ ස්වරූපය වෙනස් වීමට හැකි වීමය.

ලින්විර් සහ රොබල්ස් (Linewear and Robels) වර්ගීකරණය

මෙම වර්ගීකරණය තුළ අවධානය යොමු කරන්නේ පාෂාණමය ග්‍රහලෝක(terrain planets) පිළිබඳව පමණක් වීම විශේෂිත ය. ජීවය බිහිවීම පිළිබඳ දැනට අප සතුව ඇති හොඳම උපකල්පනයන් බිහි වන්නේ පාෂාණමය ග්‍රහලෝක පදනම් කර ගනිමිනි. එම නිසා මෙම වර්ගීකරණය පාෂාණමය ග්‍රහලෝකයන්හි සැකැස්ම වෙන් කර දක්වන විශේෂ වර්ගීකරණයකි.

මෙම වර්ගීකරණය සිදු කරන්නේ මව් තාරකාවන්හි මූලද්‍රව්‍යයන්හි සුලභතාව (abundances) මත ය. මෙම සුලභතාව ආකාර දෙකකට විශ්ලේෂණය කරනු ලැබේ.
1. ග්‍රහලොවේ සැකැස්ම විශ්ලේෂණය කරන C/O අනුපාත සුලභතාව
2. ග්‍රහලොවේ විකිරණශීලී මූලද්‍රව්‍ය සුලභතා විශ්ලේෂණය

මන්දයත්, තාරකා විසින් ග්‍රහලෝක ඇද ගැනීමේ ක්‍රියාවලිය හැරුණු විට සෑම ග්‍රහලෝකයක්ම නිර්මාණය වන්නේ එහි මව් ග්‍රහලොව හා ප්‍රාග් තරු තැටියේ වන හෙයිනි. විශේෂයෙන්, මෙහිදී මව් තාරකාවේ ලෝහ සුලභතාව එනම් C,O යන බැර මූලද්‍රව්‍යන්හි සුලභතාව පරික්ෂා කරනු ලැබේ. මන්දයත්, පාෂාණමය ග්‍රහලෝක නිර්මාණයෙන් කුඩා කලකදීම එම ග්‍රහලෝක වලින් බොහෝ විට H, He මූලද්‍රව්‍ය ග්‍රහලොවෙන් ගිලිහී යාම සිදු වීම ය. එනමුත් Mg, Ni, Si, Fe ,Al, Ca, Cr, Ti වැනි බැර මූලද්‍රව්‍ය ග්‍රහලෝකය තුළම රැඳෙනා හෙයින් ඒවායේ සුලභතාව මවු තාරකාවේ එම මූලද්‍රව්‍ය වල සුලභතාවයේ අගයයන්ට වෙනස් නොවේ. මෙම මුලද්‍රව්‍ය හා C, O මිශ්‍රණය සිදු වන ආකාරය අනුව එම ග්‍රහලෝකයන්හි සැකැස්ම තීරණය වේ.

ඒ අනුව මව් තාරකාවේ C/O අනුපාතය සලකා බලනු ලැබේ. C/O අනුපාතය <1 අඩු සැකැස්මයන්හි සිදු වන්නේ කාබන් , ඔක්සිජන් හා මිශ්‍රව CO ලෙස හෝ CH4 ලෙස ප්‍රාග් තරු තැටි අවස්ථාවේ ම කාබන් ඇතුළු ග්‍රහ මණ්ඩලයෙන් ඉවත්ව යාමත් සමග ඉතිරි වන ඔක්සිජන් අතිරික්තය මෙම ඉහත අති සුලභතා සහිත බැර මූලද්‍රව්‍ය වන යකඩ , සිලිකන් හා මැග්නීසියම් සමඟ මිශ්‍ර වී යකඩ මැග්නීසියම් සිලිකේට් (iron magnesium silicates) , ඔලිවයින් වැනි මිශ්‍රණ නිර්මාණය කරන අතර, මේ හරහා පාෂාණමය සිලිකේට් (rocky silicates) ග්‍රහලෝක නිර්මාණයට මඟ පාදනු ලැබේ. එනමුත්, අවස්ථාවන්හි කාබන් ප්‍රමුඛ වන අතර එවිට ග්‍රහලොවේ සැකැස්ම මිනිරන් හා සිලිකන් හා ටයිටේනියම් කාබයිට් (titanium carbide) වැනි මිශ්‍රණ වලින් යුක්ත වන අතර, මෙය පෘථිවිය වැනි ග්‍රහලෝක සැකැස්මට වඩා හාත්පසින්ම වෙනස් සැකැස්මකි.

එලෙසින්ම, ඒ ඒ ග්‍රහලෝකයන්හි විකිරණශිලි මූලද්‍රව්‍ය වල සමස්ථානිකයන්හි  සුලභතාවය ද මෙම වර්ගීකරණයේ දී වැඩිදුරටත් විශ්ලේෂණය කරනු ලැබේ. මන්දයත්, ග්‍රහලොවක රසායනික සමතුලිතතාව (chemical equilibrium) සැපයීමෙහි වැදගත් කාර්යභාරයක් මෙම මූලද්‍රව්‍ය සිදු කිරීමයි.’ග්‍රහලොවක රසායනික සමතුලිතතාව’ යන්න ග්‍රහලොවක ජීවය පැවැත්මෙහිලා ඉතා වැදගත් සාධකයකි. මෙම සමතුලිතතාව භූ තල (tectonics) හෝ වෙනයම් භූමි සකස් කිරීමේ ක්‍රමවේදයකින් සිදු විය යුතු අතර, එය තීරණය කරන්නේ තාප අයවැය (heat budget) මතය. මෙම අයවැය අගයයන් තීරණය කිරීමෙහිලා ග්‍රහලොවේ විකිරණශීලී සමස්ථානික මඟින් නිර්මාණය වන විකිරණය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබේ. ඒ අනුව මව් තාරකාවේ මුලද්‍රව්‍යයන්හි විකිරණශීලී සමස්ථානිකයන්හි සුලභතාවයන් පරීක්ෂා කරනු ලබන අතර, එම අගයන්ම මෙම පාෂාණමය ග්‍රහලෝකයන්ට පවතින බව අනුමාන කරනු ලැබේ. ඒ හරහා ඒ ඒ ග්‍රහලෝකයන්හි ක්‍රියාකාරකම් පිළිබඳව යම් අපෝහණයන් ගොඩනඟනු ලැබේ.

ජීවයට උචිත සාධකයන් සලකා ග්‍රහලෝක වර්ගීකරණයේ තවත් නිර්ණායකයක් ලෙස ග්‍රහලොවේ උෂ්ණත්වය සැලකිය හැක.ග්‍රහලොවක උෂ්ණත්වය ග්‍රහලොවේ භ්‍රමණ කක්ෂයේ අරය (orbital radius), ග්‍රහලොව හා බැඳුණු වායුගෝලය මත රඳා පවතී. එම උෂ්ණත්වය අනුව ග්‍රහලෝක වර්ගීකරණය කරන අතර එය ‘ජීව හිතකරතාව පිළිබඳ තාපමය ග්‍රහලෝක   වර්ගීකරණය ‘ (Thermal Planetary Habitability Classification) ලෙස නම් කරනු ලැබේ.

ජීවයට උචිතතාව පිළිබඳ ග්‍රහලෝක තාපමය වර්ගීකරණය (Thermal Planetary Habitability Classification)

මෙම වර්ගීකරණය පරිපූර්ණ වශයෙන් විද්‍යාත්මක වර්ගීකරණයක් නොවන අතර, මෙය පැමිණෙන්නේ ජනප්‍රිය සංස්කෘතිය තුළිනි. ‘ස්ටාර් ට්‍රේක්’ (Star Trek) විද්‍යා ප්‍රබන්ධ මාලාවේ සඳහන් ග්‍රහලෝක වර්ගීකරණයේම දිගුවක් ලෙස මෙය භාවිතා කරනු ලැබේ.මෙහිදී පාදක කර ගනු ලබන්නේ ආකියා (archia) ජීව අධිරාජධානියේ බැක්ටීරියාවන්හි පැවැත්මේ උෂ්ණත්ව සීමාවන්ය. සාමාන්‍යයෙන් මෙම බැක්ටීරියා හා යන උෂ්ණත්වයන් අතර ජීවය රඳවා පවත්වා ගනී.

මෙහිදී තවත් සාධකයක් ලෙස, ද්‍රව ජලයේ පැවැත්ම ද සලකා ඇති අතර සම්මත වායුගෝලීය පීඩනය යටතේ ජලය 00C ත් 1000C අතර ද්‍රව අවස්ථාවේ පවතී. එනමුත් සුපිරි සිසිල් අවස්ථාවේ හෝ සිසිල් නොවන නියෝජනයන් සහිත (ලුණු ) විටදී ජලය -500C දී පවා ද්‍රව අවස්ථාවේ පවතී. ඒ අනුව, මෙම වර්ගීකරණය සරල වශයෙන් 50 කොටස් වලට ජලයේ හිමාංකය අසලින් වෙන් කරනු ලැබේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් ග්‍රහලෝක වර්ග පහකි.මෙය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරන අතර, ඒවා මෙසො-ග්‍රහලෝක (Mesoplanets), P-ග්‍රහලෝක (P-planets / psychroplanets), T-ග්‍රහලෝක (T-planets / Thermo planets) ලෙස හැඳින්වේ.මෙම නාමයන් ප්‍රභින්න වන්නේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ජීව පරාසයන් අනුකූලව ය .

එලෙස,
1.  Mesophiles  නම් ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය 100 C ත් 450 C අතර ජීවය රඳවා ගන්නා හෙයින් එම කලාපයේ උෂ්ණත්වයේ පවතින ග්‍රහලෝක Mesoplanets නමින් හැදින්වේ.
2.  Psychrophiles නම් ක්ෂුද්‍ර ජීවි කාණ්ඩය -15°C ත්100 C අතර ජීවය රඳවා ගන්නා අතර ඊට අනුරූපවම 0°C  න් පහළ කලාපයේ පවතින ග්‍රහලෝක Psychroplanet ලෙසින්  හැඳින්වෙන අතර ,
0°C ත් -50°C අතර කලාපය Psychroplanets ලෙසත්
-50°Cත්-100°C අතර කලාපය Hyperpsychroplanets ලෙසත් ගැනේ.

3. Thermophiles නම් කාණ්ඩය 45°C ත්80°C අතර ජීවත් වීමට සමත් අතර, hyperthermophiles කාණ්ඩය ඊට ඉහළ උෂ්ණත්වයේ ජීවත් වීමට සමත් වේ . ඒ අනුව ,
50°C ත් 100°Cඅතර කලාපයේ පවතින ග්‍රහලෝක thermoplanets ලෙසත්
100°C ත් 150°C අතර කලාපයේ පවතින ග්‍රහලෝක hyperthermoplanets ලෙසත් සැලකේ.

ඒ අනුව ග්‍රහලෝක උෂ්ණත්වටය අනුව වර්ගීකරණය පහත දැක්වෙන අතර,දැනට සොයාගත පිටස්තර ග්‍රහලෝක ජීවයට උචිත කලාපයේ පවතින සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක මෙම වර්ගීකරණයට අනුව වෙන්කර දක්වා ඇති අයුරු ඉන් පසු සටහනේ දැක්වේ.

මෙලෙසින්ම යෝධ ග්‍රහලෝක සඳහා ද උෂ්ණත්වය අනුව ග්‍රහලෝක වර්ගීකරණයක් පවතින අතර, ඒ පිළිබඳව ඉදිරි ලිපියේදී පැහැදිලි කරනු ලැබේ.

මූලාශ්‍ර :

1.https://bit.ly/2QOIIqK

2.https://bit.ly/2Ul6mNS

3.https://bit.ly/2UCe45h

ඡායා රූ මූලාශ්‍ර :

1.https://bit.ly/2vUK8sK

2.https://go.nasa.gov/3dybGov

3.https://bit.ly/33KGmi4 

4.https://images.app.goo.gl/qJeyhmAe1BYECG2R9 

 

 

 

 

 
Tagged : / /